රජයට අයත් සමාගමක් හරහා චීනයට ගල් අඟුරු සැපයීමේදී සිදු වූ බව කියන අමෙරිකානු ඩොලර් බිලියන 13ක මූල්‍ය වංචාවකට සහ රටේ උද්ගත වී ඇති උද්ධමනයට එරෙහිව මොංගෝලියාවේ දැවැන්ත විරෝධතාවක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා එරට උලන්බාටර් අගනුවරට එක්රොක් වූ දහස් ගණනක ජනතාව පාර්ලිමේන්තු සංකීර්ණය වටලා ඇතැයි ද, ගල් ප්‍රහාර එල්ල කරමින් එම ගොඩනැඟිලි සංකීර්ණයේ වීදුරු කවුළු බිඳ දමා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
මහජන මුදල් කොල්ලකෑමට සම්බන්ධ බව කියන එරට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ මැතිඇමතිවරුන්ට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් මේ උද්ඝෝෂණය පවත්වා ඇති අතර, පොලිසිය හා ආරක්ෂක හමුදා එක්ව ජනතාව විසුරුවා හැරීමට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මොංගෝලියාවේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, මේ වන විට එහි උද්ධමනය 15.2% කින් ඉහළ ගොස් ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
නව අදහස දක්වන්න