Tuesday, ජනවාරි 31, 2023 - 12:30
පාසල් නිළ ඇදුම් අවශ්‍යතාවයෙන් 70% ක් පමණ ප්‍රමාණයක් චීන ජනරජයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන අතර එහි පළමු තොගය මේ වන විටත් ලංකාවට ලැබී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා වැල්ලවත්ත ලින්ඩිසේ බාලිකා විද්‍යාලය හා අනුබද්ධිත වෛශාඛ බාලිකා විද්‍යාලයේ සිව් මහල් ගොඩනැගිල්ලක් මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාසල් වල ක්‍රියාත්මක සතිමත්භාවය වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන බවය
මෙමගින් සිසුන්ගේ විනයගරුක භාවය හා මානසික ස්වස්ථතාව වර්ධනය කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නැංවීමට උත්සාහ කරන බව ද එහි දී පැවසීය
නව අදහස දක්වන්න