Tuesday, ජනවාරි 31, 2023 - 16:00
ආර්ථික මධ්‍යස්ථානවල තිබෙන වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් විසින් විවිධ පුද්ගලයින්ට අතුරු බදු දී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන බාරව කටයුතු කරන නිලධාරින් හා වෙළෙද සංගම් විසින් කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබුණි.
අද (31) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ සහභාගිත්වයෙන් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සොයා බැලීම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. සියලු ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු මේ වනවිට විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.
ඒ අනුව අද පැවැතී සාකච්ඡාවට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු හා ආර්ථික මධ්‍යස්ථාන බාරව කටයුතු කරන නිලධාරින් හා වෙළෙඳ සංගම් සභාපතිවරු ද සහභාගි වූහ.
දැනට ආර්ථික මධ්‍යස්ථානවල ඇති වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් විසින් අතුරු බදුකරුවන් වෙත වෙළෙඳ කටයුතු සදහා පවරා තිබේ. නමුත් ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳ ප්‍රතිපත්තියෙහි ඒ අන්දමින් අතුරු බදු දීම සඳහා වෙනත් පාර්ශ්වයකට පවරා දීමක් සිදු කළනොහැකිය. එම නිසා මෙම අතුරු බදු දී ඇති වෙළෙද සැල් දැනට වෙළෙඳාමෙහි නියැළෙන පිරිස් වෙතම පවරා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබීය.
මෙම කටයුතු මෙම සතිය තුළ ම අවසන් කළ යුතු අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති අංශය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.
නව අදහස දක්වන්න