මැතිවරණ කොමිසමෙන් දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ට කැඳවීමක් | දිනමිණ

මැතිවරණ කොමිසමෙන් දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ට කැඳවීමක්

Nandeesha Geeganage
දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ලබන 11 වන දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා  තිබේ.
 
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයට අදාළව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා එම කැදවීම සිදුකර ඇති බවයි.
 
මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

නව අදහස දක්වන්න