අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් | දිනමිණ

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීමට කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
 
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී සංවිධාන කර ඇති විරෝධතාවයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් වාරණ නියෝගයක් ලබාදී ඇත.
 
එමෙන්ම නම් කරන ලද මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙස ද නියෝගයෙන් දැනුම් දී ඇති අතර මේ වනවිට විරෝධතාව ආරම්භ කර තිබේ.
 
මෙම ප්‍රදේශයන්ට අමතර පොලිස් බලඇණි කැඳවා ඇති අතර ජල ප්‍රහාරක රථද සුදානම් කර ඇති අතර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් කැදවා ඇත.
 

නව අදහස දක්වන්න