මීනගයා දුම්රියේ දරුවා දමා ගිය යුවළට ඇප | දිනමිණ

මීනගයා දුම්රියේ දරුවා දමා ගිය යුවළට ඇප

මීනගයා දුම්රියේ පසුගියදා දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවළ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝගය කර තිබේ.
 
මෙම නඩුව අද (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.
 
දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත්තේ ඇප ලැබීමෙන් අනතුරුව අද (17) දිනය තුළ දී ඔවුන් දෙදෙනා විවාහ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.
 
ඉන් අනතුරුව බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් සිදුකළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සලකා බලමින් අධිකරණය විසින් දරුවාට නැවතත් එම මව්පියන් වෙත භාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
 
මේ අනුව අධිකරණය නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ බණ්ඩාරවෙල පරිවාස නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ එම දරුවා මව්පියන් වෙත භාර දෙන ලෙසටයි.
 
ඊට අමතවර දරුවාගේ පෝෂණ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද සැකකාර මව්පිය යුවළගේ මව්පියන් වෙත වැඩිදුරටත් නියෝග කර ඇත.
 

නව අදහස දක්වන්න