රන් අස්වනු ගෙට ගන්න තරුණ තරුණියෝ වෙලට බැහැලා | දිනමිණ

රන් අස්වනු ගෙට ගන්න තරුණ තරුණියෝ වෙලට බැහැලා

රටේ ආර්ථික අර්බුදයත් සමඟම ‘තරුණ තරුණියන් කුඹුරට’ තේමාව යටතේ ඇල්පිටිය තරුණ සේවා නිලධාරි ගාමිණී එදිරිසිංහ මහතාගේ සංකල්පයකට අනුව වගා කරන ලද බටුවන්හේන වෙල්යායේ අස්වනු නෙළීමේ මංගල්‍යය පසුගිය 6 වැනිදා දවස මුළුල්ලේම ඇල්පිටිය හා කරන්දෙණිය තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් සිදු කළේය.

පැරණි ගොවි චාරිත්‍ර සියල්ල ඉටු කරමින් ගෙවිලියෝ ඇඹුල ගෙනා අයුරු. නෙළුම් කොළේ ඇඹුල භුක්ති විඳින ගොවි ගෙවිලියෝ කමත සැකසීම ඇතුළු චාරිත්‍ර විධි ක්‍රියාකාරකම් ඇසුරින් තරුණ ජවයට කාවැද්දවීම පැරණි ගොවියන් අමන්දානන්දයට පත් කිරීමට සමත් වූ අතර, පැරැන්නන්ගේ ඉමහත් ගෞරවයට මෙම වැඩසටහන පාත්‍ර විය.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක - ධර්මදාස සිරිවර්ධන

 

නව අදහස දක්වන්න