Thursday, මාර්තු 23, 2023 - 13:10
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාගෙන් මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස අද (23) අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරි පත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බව වාර්තා වෙයි
එම ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සදහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලිය හැකිද නැද්ද යන්න තීරණය කරන බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය
අනතුරුව පැමිණිල්ල ලබන 6 වනදා කැදවන ලෙසට අධිකරණය නියෝග කර ඇත
නව අදහස දක්වන්න