Thursday, මාර්තු 23, 2023 - 11:40
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා බගවන්තලාව කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත්බිම් වල පිහිටි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පන්ති කාමර කිහිපයක් සහ ඒ අවට පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බව වාර්තා වෙයි.
බගවන්තලාව ප්‍රදේශයට ඊයේ පස්වරු 2 ට පමණ අයිස් සමග ඇද හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුලගත් සමග කෙසෙල්ගමුඔය සහ කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇළ මාර්ග කිහිපයක් පිටාර ගැලිමෙන් මෙම ආපදා තත්ත්වය සිදු වි ඇත.
පාසලේ පන්ති කාමර වලට ජලය කාන්දු විමත් සමග පාසලෙන් ළමුන් ඉවත් කිරිමට එම විදුහලේ විදුහල්පතිවරයා පියවර ගෙන තිබුණි.
මේ අතර බගවන්තලාව කොටියාගල වතුයායේ පහල කොටසහරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා කොටියාගලඔය පිටාර ගැලිමෙන් අවට පිහිටි වතු නිවාස කිහිපයක් ජලයෙන් යට වි ඇත.
කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා කෙසෙල්ගමුඔය අභියස එලවළු ගොවිපොලවල් කිහිපයක්ද ජලයෙන් යට වි ඇත.
නව අදහස දක්වන්න