ඩී.එස්.-මහානාම 17 වැනි රන් සටන අද හෙට | දිනමිණ

ඩී.එස්.-මහානාම 17 වැනි රන් සටන අද හෙට

නිරෝෂාන් ප්‍රියංකර
මහානාම විදුහල් කණ්ඩායම

කොළඹ ඩී.එස්. සේනානායක සහ මහානාම විදුහල් අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට 24 සහ අනිද්දා 25 කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

17 වැනි වරට පැවැත්වෙන මෙවර තරගයේදී ඩී.එස්. සේනානායක විදුහල් පිලට මනුර පීරිස් නායකත්වය දෙන අතර, සචිර වැලිවත්ත මහානාම විදුහල් කණ්ඩායම මෙහෙයවයි. ගවිරු සෙනෙහස් ඩී.එස්. පිලේත්, අංජල බණ්ඩාර මහානාම පිලේත් උප නායකයන් ලෙස කටයුතු කරති.

2007 වසරේ ආරම්භ වූ මේ මහ තරගය විසඳුමක් සහිතව නිමා වී ඇත්තේ එක් වරක් පමණි. එවර ඩී.එස්. සේනානායක විදුහල ජය ගෙන ඇති අතර, සෙසු තරග නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

වසර දෙකට පසු ප්‍රේක්ෂකයන්ට විවෘත වන මේ තරගය නැරඹීමට එක්වන ලෙස ආරා‍ධනා කරන ඩී.එස්. සේනානායක විදුහලේ විදුහල්පති සම්පත් වීරගොඩ සහ මහානාම විදුහලේ විදුහල්පති ඒ.ඒ.සී. පෙරේරා මහත්වරුන් ඉල්ලා සිටින්නේ මෑත කාලයේ මහා ක්‍රිකට් තරග ගැන යහපත් පූර්වාදර්ශය ඉතා අඩු බැවින් මේ තරගයෙන් ඒ පූර්වාදර්ශය ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන දුවිඳු රණතුංග මහානාම විදුහල් කණ්ඩායමේ දස්කම් අතර ඉදිරියෙන් පසු වන ක්‍රීඩකයෙක් වන අතර, 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අබුඩාබියේ තරග සංචාරයකට එක්ව සිටින බැවින් ඔහුට මේ තරග අහිමි වී තිබේ.

මෙවර තරගයේ සත්කාරක පාසල ලෙස මහානාම විදුහල කටයුතු කරන අතර, දෙදින තරගයට සමගාමීව පැවැත්වෙන දෙපිල අතර එක්දින ක්‍රිකට් තරගය ලබන මස 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඩී.එස්. විදුහල් සංචිතය: මනුර පීරිස් (නායක), ගවිරු සෙනෙහස් (උප නායක), සහන් සුලෝචන, ඩිලාෂ් කුමාරනායක, අකිධ වීරසූරිය, මලිත පෙරේරා, රන්දීෂ බණ්ඩාරනායක, කිරාන් පෙරේරා, අදීෂ බණ්ඩාරනායක, සෙනුර සිල්වා, හිමන්ත කේෂාන්, චෙනුල පින්සර, දේශාන් හෙට්ටිගේ, පූර්ණ සුලක්ෂණ, පී. වරුෂාන්, ලසිඳු අර්තවිදු, ශකිල තාරුක, ශනාල් බිනුෂ්ක, චෙනුක රන්දුල, ඩිල්ෂාන් ගල්කැටිය (ප්‍රධාන පුහුණුකරු), හර්ෂ ශ්‍රීනාත් (සහාය පුහුණුකරු).

මහානාම විදුහල් සංචිතය: සචිර වැලිවත්ත (නායක), අංජල බණ්ඩාර (උප නායක), ගිමන්ත දිසානායක, නදීෂ් යසිරු, විනුක හෙට්ටිආරච්චි, දුල්නිත් සිගේරා, ඒෂාන් විතානගේ, ඉනුක කරන්නාගොඩ, දසිත් ගුණතිලක, කූජන පෙරේරා, කවීෂ ගිම්හාන්, කවිඳු අමාමෙත්, බනුල අගලවත්ත, දුවිඳු රණතුංග, ඔමේෂ් උදාර, රශ්මික පෙරේරා, චාමික හීනටිගල, ඔසඳ මුතුගම, විරංග යෙෂාන්, නිසල් විතානගේ (ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පුහුණුකරු), සොනාල් දුල්ෂාන් (ජ්‍යෙෂ්ඨ සහාය පුහුණුකරු).

නව අදහස දක්වන්න