මූල්‍ය අරමුදලේ සහාය ගැනීම ගැන නම කියා මැතිසබේ ඡන්දයක් විමසන්න ජනපති දැනුම් දුන්නා | දිනමිණ

මූල්‍ය අරමුදලේ සහාය ගැනීම ගැන නම කියා මැතිසබේ ඡන්දයක් විමසන්න ජනපති දැනුම් දුන්නා

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගැනීම සම්බන්ධයෙන් පවත්වන විවාදයෙන් පසු පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන අය ඒ වෙනුවෙන් විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කළ යුතු බවද විජේසේකර මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සභාගත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ විවාදය අමතමින් කංචන විජේසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න