විශ්ව සාම ෆෙඩරේෂනයේ නිළධාරීන් පිරිසක් දිවයිනට | දිනමිණ

විශ්ව සාම ෆෙඩරේෂනයේ නිළධාරීන් පිරිසක් දිවයිනට

විශ්ව සාම ෆෙඩරේෂනයේ (Universal Peace Federation ) උසස් නිලධාරීන් පිරිසක් දින 04 ක ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් ඊයේ (23) දින රාත්‍රී  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . 
 
ඔවුන් අතර විශ්ව සාම ෆෙඩරේෂනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය යුන් යොන්ග් - හො (Dr: Yun Yong - Ho ) මැතිතුමා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් එසේ පැමිණ සිටියහ.
 
මෙම පිරිස පිළිගැනීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .
 
මෙම විශ්ව සාම ෆෙඩරේෂනයේ උසස් නිලධාරීන් පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ද හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .
 

නව අදහස දක්වන්න