අනුර කයියකු මිස වැඩ්ඩෙක් නොවේ | දිනමිණ

අනුර කයියකු මිස වැඩ්ඩෙක් නොවේ

සජිත් ප්‍රේමදාස මහතාගේ ගමන අඩාළ කරමින් රටේ නායකයා වීම වැළැක්වීමටත් නොයෙක් අයගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමටත් වැඩියෙන්ම කට අරින්නේ අනුර කුමාර දිසානායක මහතා බවත් අනුර කුමාර දිසානායක යනු කයියකු මිස වැඩ්ඩකු නොවන්නේ යැයි සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (30) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා,

අපි දැක්කා පසුගිය දිනක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සජිත් ප්‍රේමදාස මහත්තයාට කියනවා කට වහගෙන හිටියොත් ඔටුන්න හිමි කුමාරයා වෙන්න පුළුවන්, සජිත් කට වහගෙන හිටියොත් හොඳයි කියලා. ගෝඨාභය රාජපක්ෂත් කට වහලා ජනාධිපති වුණේ. සජිත් කට ඇරලා කතා කිරීම හරහා රටේ නායකයා වෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා කියන එක. මෙහිදී අපි කල්පනා කරල බලන්න ඕන සජිත් කා වෙනුවෙන් ද කතා කරන්නේ කා වෙනුවෙන්ද කට අරින්නේ කියලා.

අපි දන්නවා මෑත කාලය ගත්තම ඉතිහාසයට යන්න ඕන නැහැ කොරෝනා කාලයේදී එතුමා කට ඇරියා ඒ වසංගතය ගැන. ඒ වගේම රටේ කාලීන ප්‍රශ්න තියෙද්දී එතුමා කට අරිනවා රටේ පොඩි මිනිහා වෙනුවෙන්. ඉතිහාසයේ හැමදාම කතා කරලා තියෙනවා. ඒ වගේම ළඟම සිදුවීම ඊයේ පෙරේදා ජනක රත්නායක මහත්තයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කට ඇරියා. මෙහිදී සජිත් ප්‍රේමදාස මහත්තයාට කට වහගෙන ඉන්න කියන අනුර කුමාර දිසානායක මහත්තයා කා වෙනුවෙන් ද කට ඇරියේ.

අපිට මතකයි මුලින්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙනුවෙන් කට ඇරියා. ඊළඟට මහින්ද රාජපක්ෂට ඔටුන්න පිරිනමන්න කට ඇරියා. ඒ විදියට එතුමා කට ඇරලා තියෙනවා අවස්ථා ගණනාවකදී. හැබැයි මෑතකදී ගත්තම ජනක රත්නායක වෙනුවෙන් එතුමා කට වහගෙන හිටියා. එතුමා කට අරින්නේ මොනවටද කියන එක පිළිබඳ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා.

ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා අන්තිමට අපි දැක්කා මැතිවරණය ඉල්ලලා උද්ඝෝෂණයක් කරලා කට වහලා කඩේ ඇතුළට රිංගලා කඩෙත් වහලා හිටියා. ඒ වගේ න්‍යාය පත්‍රවලට තමයි අනුර කුමාර දිසානායක මහත්තයලා වැඩ කරන්නේ. එහිදී අද මේ රටේ ප්‍රධාන විපක්ෂ නායකවරයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ගමන අඩාළ කරන්න රටේ නායකයා වන එක වළක්වන්න නොයෙක් අයගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න වැඩියෙන්ම කට අරින්නේ අනුර කුමාර දිසානායක මහත්මයා කියන එක මතක් කරන්න ඕනෑ.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න