මොස්කව් නුවරට ගහන්න ඩ්‍රෝන යානා 8ක් ඇවිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ බවට යුක්රේනයට චෝදනා | දිනමිණ

මොස්කව් නුවරට ගහන්න ඩ්‍රෝන යානා 8ක් ඇවිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ බවට යුක්රේනයට චෝදනා

මොස්කව් නුවරට පුද්ගලයන් රහිත ඩ්‍රෝන යානා මගින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියාව විසින් යුක්රේනයට චෝදනා එල්ල කර තිබේ. පසුගියදා මොස්කව් නුවරට එල්ල වූ මේ ප්‍රහාරයට ඩ්‍රෝන යානා අටක් පමණ පැමිණ ඇතැයි ද වාර්තා වේ. එම ඩ්‍රෝන යානාවලින් තුනක් සිය ඉලක්ක හඳුනාගත නොහැකිව පියාසර කිරීමේදී රුසියානු ගුවන් යානා නාශක ප්‍රහාර මගින් විනාශ කර ඇති අතර, තවත් පහක් මොස්කව් නගරයේදී මිසයිල එල්ල කර බිම හෙළූ බව රුසියානු හමුදාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එම ඩ්‍රෝන යානා එල්ල කළ ප්‍රහාර මොස්කව් නුවර නේවාසික ගොඩනැඟිලි දෙකකට වැදී ඇති අතර, ඉන් කිසිවකුට හානි සිදු නොවූ බවත්, අදාළ ගොඩනැඟිලිවලට පමණක් සුළු හානි සිදුවූ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ඩොලර් තිස්දහසේ සිට ඩොලර් ලක්ෂ දෙකක පරාසයක වටිනාකමින් යුතු එම ප්‍රහාරක ‍ඩ්‍රෝන යානා රුසියානු විරෝධී බටහිර රටවල් විසින් යුක්රේනයට සපයනු ලැබූ බවට ද වාර්තා වේ.

 

නව අදහස දක්වන්න