අද දවස | දිනමිණ

අද දවස

රාහු කාලය 
උදේ 10.34 - 02.05 දක්වා 
රාත්‍රි 10.42-12.05 දක්වා

දිව්‍යමය සුබ මුහුර්ත

ගමන් යාමට 
උදේ - 6.27ට උතුර බලා 
උදේ - 7.14ට උතුර බලා 
ලොතරැයි මිලදී ගැනීමට 
උදේ 7.21ට උතුර බලා 
උදේ 8.7ට උතුර බලා 
පැළ සිටුවීමට 
උදේ 7.52ට උතුර බලා 
සවස 4.59ට උතුර බලා

මේෂ 
ව්‍යාපාරවල සාර්ථක බවක්

ආගමික කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් දැක්වීම අත්‍යවශ්‍ය වෙයි. සමාජ සුබසාධන කටයුතු වෙනදාටත් වඩා ක්‍රියාවට නැංවීමට සිතන අතර තම ව්‍යාපාර කටයුතුවල ද වෙනදාටත් වඩා සාර්ථක බවක් දක්නට ලැබේ.

වෘෂභ  
සිතිවිලි ව්‍යාකූල තත්ත්වයට

සිතුවිලි ව්‍යාකූල තත්ත්වයට පත්වේ. අධික කාර්ය බහුලතාව නිසා විවිධ තාඩන පීඩනවලට ලක්වේ. හිසට අගුණයි.

මිථුන 
පිටරටක සිටින අයට සහන

ආර්ථික පාඩු සිදුවේ. ඒ නොසැලකිල්ල මත ක්‍රියාකිරීම නිසාය. බොහෝ විට මේ වනවිට ඔබ පිටරටක සිටින්නේ නම් යහපත් වන අතර බොහෝ වගකීම් රැසක් දැරීමට සිදුවේ.

කටක 
නව ආයෝජනයකට ඉඩ

නව නිෂ්පාදනයක් රටට හෙළි කිරීමට වාසනාව උදාවේ. ඒ නිසාම රාජ තාන්ත්‍රික සහයෝගය ලැබේ. නව ආයෝජනයකට හේතුවේ. ව්‍යාපාර සඵලවේ.

සිංහ
කලකිරුණු ස්වභාවයක්

වෘත්තීය මට්ටමේ විවිධ ගැටලු මතුවේ. යම්කිසි කලකිරුණු ස්වභාවයක් ද ඇතිවේ. දුර බැහැර කටයුතු බහුල වන අතර ඒ නිසාම ගෘහ ජීවිතයේ යම් යම් වගකීම් පැහැර හැරෙනු ඇත.

කන්‍යා
තිබූ විරෝධතාවක් සමනය වේ.

එල්ල වී තිබූ විරෝධතාවක් සමනය වේ. ආගමික සංහිදියාවට අනුව කල් ගත කළ හැක. නොසිතූ ආකාරයේ ආර්ථික වාසියකට හේතුවෙයි.

තුලා  
ආර්ථික පාඩුවක්

යහපත් ආකල්ප ප්‍රගුණ කළ යුතුවේ. තමා බලාපොරොත්තු නොවූ ආකාරයේ ආර්ථික පාඩුවක් දක්නට ලැබේ. ඒ යම් යම් සමාජ බලවේග තමාට විරුද්ධව නීති මඟට බසිනා නිසාය.

වෘශ්චික
යුග දිවියේ සමගියට බාධා

තම යුග දිවියේ සාමය අභිවෘද්ධිය විනාශ වන ආකාරයේ කටයුතු සිදුවේ. කලක් දැඩි ඇසුරට පත්ව තිබූ තරුණ ජීවිතයකට උවදුරු මතු කෙරෙන නිසා කල්පනාකාරී වන්න. අගුණ සහගත ආහාරයක් නිසා පීඩා සිදුවේ.

ධනු 
සමාජ ප්‍රසාදයට ලක්වේ.

විශ්වාසය තම ඉදිරිගමනට යහපත පිණිස වෙයි. බොහෝ විට ඔබ පිටස්තර අය වෙනුවෙන් දායක වන අයකු නිසා සමාජ ප්‍රසාදයට ලක්වේ. ආහාර පාන කෙරෙන් ප්‍රවේශම් වන්න. මූල්‍යමය ප්‍රතිලාභ ලැබෙනු ඇත.

මකර  
පොදු කටයුතු බහුල වේ

තමාට එරෙහි නීති ගැටලුවක් විසඳා ගැනීමට පිට අයකුගේ සහාය අවශ්‍ය වේ. පොදු කටයුතු වැඩි වන අතර ආගමික සහජීවනය උදෙසා වෙහෙසව කටයුතු කිරීමට සිදුවේ.

කුම්භ 
ආකල්ප අතින් උසස් වේ

යහපත් බලාපොරොත්තු සහගත පණිවුඩ ලැබෙනු ඇත. දුරස්ථ වූ අය තම සමීපයට පැමිණේ. ආකල්ප අතින් උසස් බවක් මතු කෙරේ. රැකියා ස්ථානගත පැසසුම් පිළිගැනීම් ඇතිවේ.

මීන 
දේපළ හිමිකම්

දේපළ හිමිකම් මතුවේ. තමාට එරෙහිව නඩු මඟට බැස සිටි අයකු තමාගෙන් සමාව ගෙන සමාදාන වනු ඇත. තවද ආර්ථික ප්‍රතිලාභ පෙන්නුම් කෙරේ. මගතොටදී හමුවන අයකු නිසා යහපත උදාවේ. සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

නව අදහස දක්වන්න