අඟුණකොළපැලැස්සේ පැළ බෙදා දීමකදී කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කියයි
දැනට පවතින නියඟය ඉදිරියේදී තවත් දරුණු විය හැකි අතර මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
අපේ රටේ ආහාර සංචිතයක් නැති අතර වී අලෙවි මණ්ඩලය විසින් ද වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවකට යොදා ගැනීමට වී තොග ද අප සතුව නැතැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.
අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩසටහනේ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල බෙදා දීමේ වැඩසටහනක් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (29) අඟුණකොළපැලැස්සේදී පැවැති උත්සවයේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.
Outreach Guarantee පුද්ගලික ආයතනය මඟින් ආරම්භ කර ඇති තිරසාර කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ග්‍රාම සේවා වසම් 10ක පවුල් සඳහා මෙම ගෙවතු වගා වැඩසටහන ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන මේ වන විට අතිශය සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙන අතර තිරසාර කෘෂිකර්ම වැඩසටහන මඟින් ආරම්භ කළ එළවළු හා පලතුරු වගාවන් මෙන්ම කුකුළු පාලනය හා ගව පාලනය යටතේ ගොවි ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නංවාලීමට හැකියාව ලැබී ඇත.
බුද්ධිකා ඉඹුලාන