මේ වන විට ආරම්භ වී ඇති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සහ තවත් නොබෝ දිනකින් ඇරඹෙන ශ්‍රී ලංකා පාකිස්තාන් සහ LPL තරඟාවලිය ඇතුළු අනෙකුත් සියලුම ක්‍රිකට් තරඟාවලි රිසි සේ රස විඳීමට බලාපොරොත්තුවෙන් සිටින ක‍්‍රීඩා ලෝලී හිතවතුනි මේ සුබ පණිවිඩය ඔබටයි. ශ්‍රී ලංකාවේ අංක 1 ටෙලිවිෂන් අත්දැකීම වන Dialog Television නව පසුගෙවුම් සම්බන්ධතාවයන් රු.3,000/ක් දක්වා සුවිශේෂී මිල අඩු කිරීමක් සමඟින් රුපියල් 4,990/- සිට මිලදී ගෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය ඇතුළු සියලු තරඟාවලි, නිවසේ සිටම HD (High Definition) තාක්ෂණයෙන් අත්විඳගැනීමට අවස්ථාව ප්‍රේක්ෂක ඔබට හිමිවී ඇත
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ සිතුම් පැතුම් හඳුනා ගනිමින් ඒ වෙනුවෙන්ම වූ ක්‍රීඩා නාලිකා රැසක් ඇතුළත්, තෝරාගැනීමට මාසික ප්ලෑන් රැසක් සමඟින් ඔබ අතට පත්වන Dialog Television නවතම සම්බන්ධතා සමඟින් එක්දින, 20 – 20 හෝ ටෙස්ට් තරඟ රටා සියල්ලම පන්දුවෙන් පන්දුව අත නොහැර නැරඹීමේ අවස්ථාව දැන් ඔබ සතුයි.
මෙම සුවිශේෂී දීමනා ලබා ගැනීම සඳහා අදම ලඟම ඇති Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත පිවිසෙන්න, නැතිනම් www.dialog.lk හරහා Online order කර අමතර ගාස්තු නොමැතිව පැය 48ක් ඇතුළත ඔබේ නිවසටම ගෙන්වා ගන්න. මෙම දීමනාව වලංගු වන්නේ 2023 ජූලි 31 වන දින දක්වා හෝ තොග අවසන් වනතුරු පමණි.