Tuesday, May 6, 2025
Home » ප්‍රංශයේ ප්‍රචණ්ඩත්වය පැතිරෙයි

ප්‍රංශයේ ප්‍රචණ්ඩත්වය පැතිරෙයි

බෙල්ජියමට සහ ස්විට්සර්ලන්තයටත්

by thanushika
July 4, 2023 8:35 am 0 comment

ප්‍රංශයේ ව්‍යාප්ත වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා මේ වන විට අසල්වැසි රටවල් වන බෙල්ජියමට සහ ස්විට්සර්ලන්තයට ද පැතිර ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ස්විට්සර්ලන්තයේ ලෝසෑන් නුවර පෙරේදා පොලිසිය සහ තරුණ කණ්ඩායමක් අතර ගැටුමක් සිදු වී ඇති අතර, පසුව එය ප්‍රචණ්ඩකාරී ස්වරූපයෙන් නගරය පුරා පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රංශයේ ඝාතනයට ලක්වූ තරුණයාගේ සිදුවීම මුල් කරමින් මේ විරෝධතාව පවත්වා ඇති අතර, එහිදී විරෝධතාකරුවන් කඩසාප්පුවලට ද පහර දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. සියයකට අධික විරෝධතාකරුවන් පිරිසක් ඊට එක්වී ඇතැයි ද, ඒ අතර සිටි තරුණ වයසේ පසු වූ පුද්ගලයන් 6 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර අවුරුදු 15-17 වයස් කාණ්ඩයේ පසුවන තරුණයන් හා තරුණියන් තිදෙනකු සිටින බව ද වාර්තා වේ.

මෙවැනිම ආකාරයේ විරෝධතාවකින් පසු බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර කඩසාප්පු රැසකට පහරදීමක් සිදු වී ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියාවලට මැදිහත් වූ පුද්ගලන් 64 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT