Tuesday, May 6, 2025
Home » අනුරාධපුර හෝටලයක දී ගංජා කිලෝ 343ක් අත්අඩංගු වට ගැනීම

අනුරාධපුර හෝටලයක දී ගංජා කිලෝ 343ක් අත්අඩංගු වට ගැනීම

වසර 2ක් සැඟව සිටිය දී ඇල්ලූ හිටපු හමුදා මේජර් රිමාන්ඩ්

by thanushika
July 4, 2023 8:29 am 0 comment

අනුරාධපුර උපාලි ආනන්ද කරුණාදාස

මීට දෙවසරකට පෙර අනුරාධපුර හෝටලයක දී ගංජා කිලෝ 343ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා වසර දෙකකට අධික කාලයක් පොලිසිය මගහැර ගොස් සැඟව සිටි යුද හමුදා හිටපු මේජර්වරයකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ඔහු මේ මස 5 වන දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කළේ අනුරාධපුර තුන් වන පියවර පදිංචිකරුවෙකු වන යුද හමුදු ගැමුණු හේවා රෙජිමේන්තුවේ හිටපු මේජර් ජයවීර ඉන්ද්‍රකීල ප්‍රනාන්දු නැමැත්තෙකි.

සැකකාර මේජර්වරයා අනුරාධපුර නිදහස් මාවතේ පිහිටි සෙන්ඩිප් ෆැමිලි ගෙස්ට් හීදී කාරයක් කුලියට ගෙන එම කාමරයක මෙම ගංජා කිලෝ 343ක් ගබඩා කර සඟවා තිබිය දී කැකිරාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ එවකට හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාලිය බංඩාර ගන්දරවත්ත මහතා ඇතුළු නිලධාරීන් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේ 2021/03/17 වන දිනය.

ගංජා කිලෝ 343 අත්අඩංගුවට ගත් අවස්ථාවේ මෙම සැකකාර හමුදා මේජර්වරයා අදාළ ස්ථානයේ සිට නොමැති අතර පසුව හෝටලයේ අයිතිකරු වන

හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්වරයෙකු වන කැලුම් ප්‍රියන්ත ජගත් කුමාර වික්‍රමසිංහ සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කෙරිණ. මාස 7ක් ඔහු රිමාන්ඩ් බාරයට පත් කර පසුව ඇප මත මුදා හැරිණ.

දෙවසකරට පසුව අත්අඩංගුවට ගෙන සැකකාර මේජර්වරයා අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මුල් අවස්ථාවේ අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින සෙන්ඩිප් ෆැමිලි ගෙස්ට්හී අයිතිකරු වන හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්වරයෙකු වන කැලුම් ප්‍රියන්ත ජගත් කුමාර වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා කියා සිටියේ මෙම ගංජා ජාවාරමේ සැබෑ සැකකරු (මේජර්වරයා) වෙනත් පොලිස් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේ සිද්ධියෙන් වසර දෙකකට අධික කාලයක් ඉක්මව ගිය පසුව බවයි.

වසර දෙකක කාලයක් හිතාමතාම ඔහු අත්අඩංගුවට නොගැනීමෙන් කැකිරාව පොලිසිය නීතිය බිමටම නමා ඇති බවත් එසේ නීතිය බිමට ම නමා ඇත්තේ සැකකාර මේජර්වරයාගෙන් (ජයවීර ඉන්ද්‍රකීල ප්‍රනාන්දුගෙන්) කැකිරාව පොලිසියට බරටම වරදාන ලැබීම හේතුවෙන් බව මෙම සිද්ධියෙන් පැහැදිලිව පෙනී යන්නේ යැයිද අධිකරණයට සැලකළ නීතිඥවරයා මෙම ගංජා ජාවාරමේ සෑබෑ සැකකරු නිදැල්ලේ සිටියදී ඔහුට තම හෝටලයේ කාමරයක් කුලියට දීමේ වරදට පමණක් තම සේවාදායකයා මාස 7ක් නිකරුණේ රිමාන්ඩ් බාරයට පත්වූ බවද කීය. තම සේවාදායකයා සැකකාර මේජර්වරයාට සිය හෝටලයේ කාමරයක් කුලියට දීම පමණක් සිදු කර ඇති බවද අවධාරණය කළ නීතිඥවරයා සැකාකර මේජර්වරයා එම කාමරයේ ගංජා කිලෝ 343 ක් සඟවා ගෙන සිටීම ගැන තම සේවාකදායකයා කිසිවක් නොදන්නා බව ද සදඟන් කළේය. ගංජා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ මෙම සැකකාර මේජර්වරයාට (ජයවීර ඉන්ද්‍රකීල ප්‍රනාන්දුට) එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින බවද කියා සිටි නීතිඥවරයා ඔහු අත්අඩංගුවට නොගත් කාලය තුල අවස්ථා ගණනාවක් එම නඩු වලට පෙනී සිටීමට අනුරාධපුර මහාධිකරණයට ආගිය බවත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT