මන්නාරම පොලීසිය විසින් මන්නාරම-පල්ලමඩු පාරේ දී රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්රෑම් 86ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු 2 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මග රැක සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මේ දෙදෙනා අත්ෙඅඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී කිලෝ ග්රෑම් දෙක බැගින් අසුරන ලද කේරළ ගංජා පැකැට් තොගය හමු වී තිබේ. සැකකරුවන් වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීම සඳහා මෙම කේරළ ගංජා තොගය රැගෙන යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මන්නාරම පේසාලේ සහ මුලතිව් පුදුකුඩිරිප්පු ප්රදේශවලට අයත් 35 හැවිරිදි දෙදෙනෙකි.
ඔවුන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.