626
කොළඹ කොටස් වෙළෙඳපොළ මාස පහළොවක කාලයකින් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය
ඊයේ (05) වාර්තා කළේය. දින පහක නිවාඩුවකින් පසු ගනුදෙනු ඇරඹූ පෙරේදා (04) සියලු
කොටස් මිල දර්ශකය 10,064ක් විය. එය ඊයේ දිනයේදී ඒකක 10,176.13ක් වාර්තා කොට ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (05) ගනුදෙනු නිමා වන විට රුපියල් කෝටි 494ක් ඉක්මවූ
පිරිවැටුමක් වාර්තා කර තිබේ. එය පෙරේදා (04) වාර්තා වූයේ රුපියල් කෝටි 741ක් ලෙසය.
දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 10,176.13ක් ලෙසය. එස්.ඇන්ඩ්
පී. ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 3,009ක අගයක් වාර්තා කොට ඇත.
ජයසිරි මුණසිංහ