Home » මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම අගෝ. 17 දා

මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම අගෝ. 17 දා

by gayan
July 6, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගෝස්තු
මස 17 වැනි දින ආරම්භ වන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල
මහතා පවසයි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලයන්හි පෙරවරු 6.12ට යෙදෙන සුබ
නැකතට වයඹ දිශාභිමුඛව කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කරන බව ඒ මහතා කීය.

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය දින වකවානු ප්‍රකාශයට පත් කරමින් පෙරහර සංවිධාන
කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (05) ශ්‍රී දළදා මාළිගාවේ බහුකාර්ය
ගොඩනැඟිල්ලේදී පැවැති සාකච්ඡාවකදී නිලංග දෑල මහතා මේ බව පැවසුවේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT