Home » අපේ සංස්කෘතිකාංග බිඳ දමන්න සෝදාපාළුවට ලක් කරන්න නොයෙකුත් සංවිධාන ඉන්නවා

අපේ සංස්කෘතිකාංග බිඳ දමන්න සෝදාපාළුවට ලක් කරන්න නොයෙකුත් සංවිධාන ඉන්නවා

අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමි

by gayan
July 6, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න පිරිසක් නැහැ

එක අලියෙක් පිට රටකට ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හඬ නගා මෙරට බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමට පිරිසක් උත්සහ කරනවා

එක අලියෙක් පිට රටකට ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හඬ නගා මෙරට බෞද්ධ
සංස්කෘතියට පහර ගැසීමට පිරිසක් උත්සහ කරන්නේ යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක
ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති.

මෙරට බෞද්ධ සංස්කෘතිකාංග බිඳ දමන්න, සංස්කෘතිය වෙනස් කරන්න,සෝදාපාළුයට ලක්
කරන්න නොයෙක් සංවිධාන ක්‍රියා කරමින් සිටින්නේ යැයි ද උන්වහන්සේ කීහ.

මහනුවර දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී ඊයේ (05) පැවැති පෙරහර
සාකච්ඡාවේ දී අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

පෙරහර නැරඹීමට පැමිණෙන බොහෝ දෙනා පෙරහරේ වැඩිපුර අලි ඇතුන් දකින්නට කැමැති
වුණත් මේ අලි පෙරහරට කොහෙන්ද කියන කාරණය සම්බන්ධව වැඩි පිරිසක් අවධානය යොමු
නොකරන්නේ යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එහි දී අනුනාහිමියෝ මෙසේද පැවසූහ.මේ වනවිට අපේ රටේ පෙරහර සංස්කෘතිය
ඉදිරියට පවත්වාගෙන යෑමට නොයෙකුත් බාධා මතුවෙමින් තිබෙනවා. ඉන් එක් ප්‍රධාන
ප්‍රශනයක් තමයි හීලෑ අලි ඇතුන්ගේ හිඟය.අලි බලන්න හිතාගෙනම පෙරහරට එන අය
ඉන්නවා. ඒත් අලි ඇතුන් අපිට කොච්චර ඉන්නවාද කියලා හොයන්න කවුරුවත් නැහැ. පෙරහරේ
අලි වැඩිය ඉන්නවා නම් හොඳයි සතුටුයි කියන්න තමයි මිනිස්සු බලාගෙන ඉන්නේ. අලි 100
ක් 200 ක් පෙරහරේ ගියොත් තමයි පෙරහර හොඳයි කියන්නේ. නැටුම් නැතත් පෙරහරේ අලි
බලලා සතුටු වන මිනිස්සුත් ඉන්නවා.

පෙරහර වලට ගෙනියන්න තරම් ලංකාවේ අලි ඉන්නවාද කියන කාරනය සම්බන්ධයෙන් රටේ
ජනතාවට අවබෝධයක් නැහැ. එක අලියෙක් පිටරටකට අරන් ගියාම කෑගහන්න හුඟක් අය
ඉන්නවා. මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න පිරිසක් නැහැ. ඒවා ගැනත් අපි හිතන්න ඕන.
සතර දේවාල පෙරහර වලට අලි නැහැ. රජය වුණත් මේවා අවධානය යොමු කරන්න ඕන. අපේ
සංස්කෘතිකාංග බිඳ දමන්න, සංස්කෘතිය වෙනස් කරන්න,සෝදාපාළුවට ලක් කරන්න නොයෙක්
සංවිධාන ක්‍රියා කරන්න පුළුවන්. ඉතිහාසය පුරා රැකගත් චාරිත්‍ර ධර්ම ඒ වගේම
බෞද්ධ මුහුණුවර,බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා නොවුනොත් මේ රටේ ශාසනය,බුද්ධ
ධර්මය,බෞද්ධ චාරිත්‍රය ඉදිරියට පවත්වාගෙන යෑම දුෂ්කරයි. මේවා ගැන අපි හැමෝම
අවධානය යොමුකළ යුතුයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT