620
ගල්ගමුව, කුලියාපිටිය ඇතුළු දිවයිනේ මහ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර
(ඩයලසීස් උපකරණ) අක්‍රිය වීමෙන් රෝගීන් මිය යන බව කුරුණෑගල දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05)
ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ
පරිපාලනයෙහි ප්‍රශ්නයක් හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇති බවත් ලේ මාරු කරන
යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ටෙන්ඩර් කැඳවීම් කර තිබුණ ද එම ටෙන්ඩර්වල ප්‍රශ්න
හේතුවෙන් මාස ගණනාවක සිට අදාළ යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීමට නොහැකි
වී ඇති බව ද දයාසිරි ජයසේකර මහතා පැවසීය.