Home » කෑමට නුසුදුසු පොල්තෙල් PHI අණින් සබන් නිෂ්පාදනයට

කෑමට නුසුදුසු පොල්තෙල් PHI අණින් සබන් නිෂ්පාදනයට

by gayan
July 6, 2023 1:00 am 0 comment

ගාල්ල දිසා සමූහ නන්දසිරි වැලිගමගේ

සමාගමටත් වැඩ වරදී

ගාල්ල නගරයේ පිහිටි පොල්තෙල් නිෂ්පාදනාගාරයක නිෂ්පාදිත පොල්තෙල් ලීටර් 1,710ක්
ආහාරයට නුසුදුසු අන්දමින් ලිහිසි බැරල් නමයක තැන්පත් කර අලෙවි කිරීම සම්බන්ධයෙන්
වරදකරු වූ එම සමාගමේ කළමනාකරු වන මොහොමඩ් සුනේර් උසේන් නමැති විත්තිකරුට රුපියල්
තිස්පන්දහසක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිනි විදානගමගේ
මහත්මිය පියවර ගත්තාය.

ඊට අමතරව මෙම පොල්තෙල් තොගය ආහාර පරිභෝජනයට නොවන වෙනත් දෙයක් සඳහා මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ යොදන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙම නියෝගය
මත මෙම පොල්තෙල් බැරල් නමය ඊයේ (05) දිනයේ සබන් නිෂ්පාදනය කිරීම සඳහා ගාල්ල
වේවැල්වල කර්මාන්ත ආයතනය වෙත භාර දෙනු ලැබිණ.

මෙම වැටලීම ගාල්ල නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක යූ. එච්. ලියනගේ මහතා
ඇතුළු සී. ඇම්. එස්. ගුරුගේ ඉන්ද්‍රචාප මහත්වරුන් විසින් සිදු කරනු ලැබිණ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT