Saturday, May 10, 2025
Home » පැය 24ක් ඇතුළත චීන ගුවන් යානා 12ක් අනවසරයෙන් ඇවිත්

පැය 24ක් ඇතුළත චීන ගුවන් යානා 12ක් අනවසරයෙන් ඇවිත්

by gayan
July 8, 2023 1:00 am 0 comment

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

චීන හමුදා ගුවන් යානා 12ක් සහ ප්‍රහාරක නෞකා 6ක් පසුගිය 2 වැනිදා පෙරවරු 6 සිට 3 වැනිදා පෙරවරු 6 දක්වා ගත වූ පැය විසිහතර ඇතුළත තායිවාන සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ චීන හමුදා ගුවන් යානා 12ක් සහ යුද නෞකා 6ක් නිරීක්ෂණය වූ බවය. යම්කිසි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට තායිවානය ද නාවික හමුදා යාත්‍රා සහ ප්‍රහාරක ගුවන් යානා මෙන්ම ගොඩබිමේ මිසයිල පද්ධති සූදානම්ව තැබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර මේ මස 1 වැනිදා සිට 2 දින දක්වා ගත වූ කාලයේදී ද චීන ගුවන් හමුදා යානා 5ක් සහ ප්‍රහාරක නෞකා 5ක් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිරීක්ෂණයට ලක් කර තිබූ බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය වසරේදී චීනයට අයත් ගුවන් යානා 318ක් සහ ප්‍රහාරක නෞකා 142ක් තායිවාන මුහුදු සීමාව උල්ලංඝනය කර තිබේ. එම ආක්‍රමණය වැඩි කිරිමට චීනය පියවර ගෙන ඇත්තේ 2020 වසරේ සැප්තැම්බර් මාසයේ සිට බව ද වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT