තමා සිරගත කිරීමට ශෙබාස් ෂරීෆ්ගේ රජය සැලසුමක් සකස් කර ඇතැයි පාකිස්තානයේ හිටපු අගමැති ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔහුගේ අත්අඩංගුවට ගැනීම ද පූර්ව සැලසුමක ප්‍රතිඵලයක් බව ඉම්රාන් ප්‍රකාශ කළ බවය. පාකිස්තාන රජයට සහ අගමැති ශෙරීෆ්ට දැඩි ලෙස දොස් පවරමින් ඉම්රාන් සඳහන් කර ඇත්තේ තමාට එල්ල වී ඇති කිසිදු චෝදනාවකට වරදකරු නොවන බවය.
බොරු සහ පදනම් විරහිත නඩු මත මා අත්අඩංගුවට ගැනීමට සැලැස්මක් සකස් කර ඇත්තේ කෙසේ දැයි ජාතිය දැන ගැනීමට අවශ්‍යයි යැයි ඉම්රාන් සඳහන් කර ඇතැයි වාර්තා වේ. ඉම්රාන් අත්අඩංගුවට ගත් මැයි 9 වැනිදා පාකිස්තානය පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ද ඔහු වරදකරුවකු කර ඇති අතර, එදින අත්අඩංගුවට පත් වූ ඉම්රාන් හිතවාදීන් විශාල පිරිසකට හමුදා අධිකරණයේදී නඩු විභාග වෙමින් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.