Sunday, May 11, 2025
Home » අමෙරිකාවෙන් බංග්ලාදේශයට රතු එළියක්

අමෙරිකාවෙන් බංග්ලාදේශයට රතු එළියක්

by gayan
July 8, 2023 1:00 am 0 comment

ලබන වසරේ මුල් භාගයට නියමිත මහමැතිවරණය නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීමට බංග්ලාදේශ අගමැතිනිය ෂික් හසීනා කටයුතු නොකරන්නේ නම් සම්බාධක පැනවීමට සහ මානව හිමිකම් මත දඬුවම් කිරීමට අමෙරිකාව ගෙන ඇතැයි කියන තීරණය යළි සලකා බැලිය යුතු බවට ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශයේ ස්ථාවරය සම්බන්ධව ඉන්දියාව වරින් වර අමෙරිකාවට සහ සෙසු බටහිර රටවලට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ එක් මාවතක් එක් තීරයක් නැමැති ගෝලීය ආයෝජන සංවර්ධන ව්‍යාපෘතියට එක්වන්නැයි චීනය විසින් සිදු කරනු ලබන බලපෑම් ෂික් හසීනා තරයේම ප්‍රතික්ෂේප කර ඇති බවය.

මීට වසර කිහිපයකට පෙර ද අමෙරිකාව ආරම්භ කළ ඉන්දු – පැසිෆික් යෝජනාවලියට සම්බන්ධ නොවන ලෙස චීනය විසින් බලපෑම් කරනු ලැබූ බවත්, බංග්ලාදේශයට ස්වකීය විදේශ ප්‍රතිපත්තියක් ඇති බැවින් ඒ අනුව කටයුතු කරන බවට ෂික් හසීනා ප්‍රතිචාර දක්වා තිබූ බවත් දේශපාලන විශ්ලේෂකයන් සිහිපත් කර ඇතැයි ‘බංග්ලාදේශ් ලයිව් නිවුස්’ පුවත් සේවය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT