Sunday, May 11, 2025
Home » ‘ට්විටර්’ට එරෙහිව ‘ත්‍රෙඩ්ස්’ දැමූ සර්කබර්ග්ට එලෝන් මස්ක්ගෙන් නඩු

‘ට්විටර්’ට එරෙහිව ‘ත්‍රෙඩ්ස්’ දැමූ සර්කබර්ග්ට එලෝන් මස්ක්ගෙන් නඩු

by gayan
July 8, 2023 1:00 am 0 comment

අන්තර්ජාලයට විවෘත කර දින දෙකක් ගත වීමටත් පෙර මිලියන 30කට වැඩි ග්‍රාහකයන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට මාක් සකර්බර්ග්ගේ අලුත්ම සමාජ මාධ්‍ය ජාලා මෘදුකාංගය ‘ත්‍රෙඩ්ස්‘ සමත්වීමත් සමඟ ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරයා වන එලෝන් මස්ක් නඩු මඟට බැසීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ට්විටර් යෙදවුමට සමාන යෙදුවුමක් ලොවට හඳුන්වාදීමට එරෙහිව නඩු මාර්ගයට පිවිසීමේ හැකියාව ගැන මස්ක් දැන් අවධානය යොමු කර ඇතැයි ද වාර්තා වේ.

ට්විටර් යෙදවුමට තරගකාරීත්වයක් ඇතිවීම හොඳ වුවද, ඒ හා සමාන යෙදවුමක් හඳුන්වා දීම වංචාවක් බව මස්ක් ප්‍රකාශ කර තිබේ. මුහුණු පොත සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන සකර්බර්ග් සිය නවතම යෙදවුම හඳුන්වා දී ඇත්තේ ටිව්ටර් යෙදවුම මඟින් සීමා කොන්දේසි පැනැවීමෙන් පීඩාවට පත්ව සිටි පිරිසකට බව ද ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT