633
අගමැතිවරයා අතින් මාර්ගගත ක්‍රමයට වරිපනම් බදු අය කළ අයුරු.
මහරගම නගර සභාවේ වරිපනම් ගෙවීමේ ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමය ඔස්සේ කිරීමේ ක්‍රියාවලිය විවෘත කිරීම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉකුත්දා ආරම්භ කෙරිණි.
එමගින් ජනතාවට පෝලිම්වල නොසිට කාලය ඉතුරු කර ගනිමින් තම සේවා ලබා ගැනීමට හැකි වී ඇති අතර එමගින් රජයට අයවිය යුතු හිඟ ආදායම් අයකර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර ගැනීමට හැකි වී තිබේ.
අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ඇමැති සරත් වීරසේකර , බස්නාහිර පළාතේ හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය , හිටපු පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර , මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩී. ඩයස් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.