ශ්‍රී ලාංකික නිෂ්පාදන අන්තර්ජාතික මට්ටමින් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා තේ දකුණු අප්‍රිකාවේ ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි පිහිටි කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති ලෝක ආහාර උලෙළට ශ්‍රී ලංකා තේ ඉදිරිපත් කිරීමට දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සතියක පමණ කාලයක් මේ ප්‍රදර්ශනය පවත්වා තිබෙන අතර ඒ සඳහා බ්‍රසීලය, ඉරානය, නේපාලය, පිලිපීනය, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව සහ තුර්කිය වැනි රටවල ආහාර, සංස්කෘතික සහ සංචාරක ආකර්ෂණ ස්ථාන ප්‍රදර්ශනය කර තිබේ.
වාර්ෂිකව පැවැත්වෙන මේ උත්සවය සඳහා ශ්‍රී ලංකාව සහභාගි වී තිබෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර ආහාර බොහෝ විට රටක සංස්කෘතිය ආදිය පිළිබිඹු කරන බැවින්, සූපශාස්ත්‍රය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සහ නැවත පැමිණෙන අමුත්තන් ආකර්ෂණය කරගත හැකි බවද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික නායකයන් සහ දකුණු අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයේ සිටින දකුණු අප්‍රිකානු වැසියන් ඇතුළු අමුත්තන් 400කට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.