Saturday, May 10, 2025
Home » රන්බඩුවල කැරට් ප්‍රමිතිය පරීක්ෂා කරන ඩෙන්සි මීටරය දෝෂ සහිතයි

රන්බඩුවල කැරට් ප්‍රමිතිය පරීක්ෂා කරන ඩෙන්සි මීටරය දෝෂ සහිතයි

by admin
July 8, 2023 1:00 am 0 comment

උදුලා පීරිස

ස්වර්ණාභරණවල කැරට් ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන ඩෙන්සි මීටරය දෝෂ සහිත බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පෙන්වා දෙයි.

ස්වර්ණාභරණවල කැරට් ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා බැංකු හා උකස් මධ්‍යස්ථානවල භාවිත වන ඩෙන්සි මීටරයෙන් වැරදි පාඨාංක ලැබීම පිළිබඳව පාරිභෝගික පැමිණිලි ජාතික හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ. ඩී. එස්. බණ්ඩාර මහතා පවසයි.

ඩෙන්සි මීටරය මඟින් රන් භාණ්ඩවල කැරට් ප්‍රමිතිය පරීක්ෂා කිරීමේදී ලැබෙන පාඨාංක දෝෂ සහිත වේ.

එබැවින් රන් භාණ්ඩවල කැරට් ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ඩෙන්සි මීටරය සුදුසු උපකරණයක් නොවන බව පෙන්වා දෙන ඒ මහතා එය වර්ල්ඩ් ගෝල්ඩ් කවුන්සිල් ආයතනය මගින්ද දන්වා ඇතැයි පවසයි. මේ තත්ත්වය මත ඩෙන්සි මීටරය මගින් ව්‍යාජ රන් භාණ්ඩ හඳුනා ගැනීම ද කළ නොහැකි බැවින් ස්වර්ණාභරණ උකස් ගැනීමේ කටයුතු වෙන් වෙන්ව අදාළ මීටරය භාවිත කිරීම නිර්දේශ නොකරන බවද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අවධාරණය කරයි.

ගල් අල්ලන ලද ස්වර්ණාභරණ ඇතුළත හිස් අවකාශ සහිත ස්වර්ණාභරණ, සුදු රන් අන්තර්ගත ස්වර්ණාභරණ සඳහා සම්පූර්ණයෙන්ම වැරදි පාඨාංක ලබාදෙන බවත් මේ නිසා ඩෙන්සි මීටරය භාවිත කිරීම මගින් කැරට් ප්‍රමිතිය සඳහා වැරදි විස්තර ලබාදීම නිසා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ දියුණුවට අහිතකර බලපෑම් සිදුව ඇති බවත් අධිකාරිය පෙන්වා දෙයි. මේ නිසා මෙවැනි දෝෂ සහිත උපකරණ භාවිතයෙන් ඉවත් කිරීමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කිරීමට අවධානය යොමු කර ඇති බවද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT