Home » උසස් පෙළ විභාගය අයදුම්පත් 28 දක්වා online මඟින්

උසස් පෙළ විභාගය අයදුම්පත් 28 දක්වා online මඟින්

by gayan
July 8, 2023 1:00 am 0 comment

අ.පො.ස. උසස් පෙළ 2023 විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබේ. මේ සඳහා අයදුම් කිරීම ඊයේ (7) සිට මෙම මස 28 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දන්වා සිටී. ඒ අනුව සියලු අයදුම්කරුවන් මාර්ගගත (online) ක්‍රමයට පමණක් ශ්‍රී ලංකා විභාගදෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකතන යෙදවුම (Mobile App) DoE වෙත පිවිස අදාළ උපදෙස් ගෙන අයදුම්පත් සම්පූර්ණ කර යොමු කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තමන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මඟින්ද පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින් පෞද්ගලිකවමද අයදුම්පත් යොමු කළ යුතුය. එමෙන්ම 2022 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින, එහෙත් නැවත මේ විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ද මෙම මස 28 දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතු වේ. මේ සම්බන්ධයෙන් විමසීම් ක්ෂණික ඇමැතුම් අංක 1911 හෝ ඍජු දුරකතන අංක 0112784208, 0112784537, 0112786616 හෝ පොදු දුරකතන අංක 0112786200, 0112784201,0112785202 – දිගුව 263, 265, 280, 282, 443 වෙතින් හෝ ෆැක්ස් අංක 0112784422, විද්යුත් තැපැල් ලිපිනය -gcealexam@gmail.com ඔස්සේ කළ හැකිය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT