ශ්‍රී ලංකාවේ මූල්‍යමය ගැටලුව ලිහිල් කිරීමට උපකාරි වන පරිදි ශ්‍රී ලංකාවට වසර 12ක් දක්වා ණය ආපසු ගෙවීම සඳහා අවස්ථාව දීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.
ඒ අනුව මෙරට මූල්‍යමය බර ලිහිල් කිරීමට උපකාර වන පරිදි ශ්‍රී ලංකාවට වසර 12ක් දක්වා ණය ආපසු ගෙවීම සඳහා අවස්ථාව දීමට ඉන්දියාව සැලසුම් කර තිබෙන බව සීමාසහිත ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්. සෙන්දිල්නාදන් මහතා ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සිදු වෙමින් පවතින අතර, එහි ප්‍රතිව්‍යූහගත කිරීමේ පැකේජය එළිදැක්වූ පසු යම් කාලයක් තුළ තම මුදල් අය කරගත හැකි බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව වසර තුන හතරකින් ඉන්දියාවට අය කරගැනීමට තිබෙන ණය වසර 10ක් 12ක් දක්වා කාලයකින් අය කරගැනීම සඳහා කාලය දීමක් සිදු විය හැකි අතර පොලී අනුපාත පහළ දැමෙනු ඇති බවත් සඳහන් කර තිබේ.
ආර්ථික සහ මූල්‍ය අර්බුදය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි ශ්‍රී ලංකාවට එම පීඩනයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඉන්දීය රජය මෑත කාලය තුළ මූල්‍ය සහයෝගයක් දී තිබෙන අතර, “අසල්වැසියා ප්‍රථමයෙන්” ප්‍රතිපත්තියේ සිට ශ්‍රී ලංකාවට සහාය දෙන බවට ඉන්දීය රජය ප්‍රකාශ කරයි.
මහින්ද අලුත්ගෙදර