Home » රුපියල 19%කින් ඉහළ යෑම සුබ ලකුණක්

රුපියල 19%කින් ඉහළ යෑම සුබ ලකුණක්

by gayan
July 8, 2023 1:03 am 0 comment

ග්ලෝබල් ප්‍රමෝෂන් ඉන්ටර්නැෂනල්

මේ වසරේ ගෙවුණු සත් මස තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 19%කින් අතිප්‍රමාණය වී තිබීම යහපත් තත්ත්වයක් බව ග්ලෝබල් ප්‍රමෝෂන් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. මෙලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා විදේශ විනිමය වෙළෙඳපොළ තුළින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බංකුවට අවශෝෂණය කරගැනීමට සමත්ව ඇතැයිද එම ආයතනය කියයි.

අත්‍යවශ්‍ය ආනයන නොවන දේ සීමා කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ තීන්දුව නුදුරේදී සංශෝධනය කළද ඉන් විදේශ විනිමය පහළ යෑමක් සිදු නොවන තැනට ශ්‍රී ලංකාව පත් වෙමින් තිබෙන බව දක්නට ලැබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපයීම් යනාදිය ඉහළ යෑම නිසා නුදුරේදී ආනයන ලිහිල් කිරීමෙන් විදේශ විනිමය ප්‍රමාණයට එල්ල වන පීඩාව සමනය වනු ඇතැයි එම ආයතනයේ අදහස වී තිබේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT