Home » වෑන් රියක් බ්‍රේක් නැතුව පෙරළීතිදෙනෙක් රෝහලේ

වෑන් රියක් බ්‍රේක් නැතුව පෙරළීතිදෙනෙක් රෝහලේ

by gayan
July 8, 2023 1:00 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

බදුල්ල – කැප්පෙටිපොළ මාර්ගයේදී ඊයේ (07) දහවල් වෑන් රථයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
කන්දෙගෙදර සිට බදුල්ල දක්වා ගමන් කළ මෙම වෑන් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇත.
තුවාල ලැබූවන් කන්දෙගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 26 සහ 30 වයසේ පසුවන පිරිමි අයවලුන් බවද පොලිසිය පවසයි. වෑන් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක නොවීම නිසා රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බැම්මක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ බදුල්ල රථ වාහන පොලිසිය මඟින් සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT