අත්‍යවශ්‍ය සේවා ලෙස සඳහන් කරමින් ව්‍යාජ නාම පුවරුවක් සවිකර ගනිමින් විවිධ ස්ථානවලින් එකතු වන මල මුත්‍ර ඇතුළු අපද්‍රව්‍ය කැලෑබද විවිධ ස්ථානවලට හොර රහසේ බැහැර කිරීම කාලයක් තිස්සේ සිදු කළ ගලි බවුසර් රියැදුරකු සහ ඔහුගේ ගෝලයකු අඟුරුවාතොට මාබෝගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.
නිවෙස්වලින් සහ ආයතනවලින් මුදල් ලබා ගනිමින් ඔවුන්ගෙන් ලබාගන්නා මල මුත්‍ර ඇතුළු අපද්‍රව්‍ය නීත්‍යනුකූලව බැහැර කිරීමට නොගොස් අවට ප්‍රදේශවල කැලෑබද ප්‍රදේශ, කටුපොල් ගහණ ප්‍රදේශ සහ පාළු අතුරු මාර්ග දෙපස මෙම බැහැර කිරීම කාලයක් තිස්සේ සිදු කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි. මේ තුළින් එම ප්‍රදේශවල පාරිසරික හානි රැසක් වාර්තා වී ඇත. එසේම අවට ප්‍රදේශවාසීන්ගේ පානීය ළිං ජලයට ද මෙම අවිධිමත් බැහැර කිරීම ගැටලුවක් බව පොලිසිය පවසයි.
අඟුරුවාතොට මාබෝගොඩ ප්‍රදේශයේ ඉඩමකට මෙලෙස හොර රහසේ මෙම බැහැර කිරීම සිදු කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව දැක විරෝධය ප්‍රකාශ කර පොලිසියට දැන්වීමෙන් අනතුරුව මෙම මෙම පිරිස සහ මල මුත්‍ර පුරවාගත් ගලි බවුසරය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කළුතර, වාද්දුව ප්‍රදේශයේ සහ උතුරු පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අඟුරුවාතොට සමූහ මංගල ප්‍රසන්න