විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදී කාන්තාවක් අපයෝජනය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට පත්ව මේ වන විට ඇප මත මුදා හැර සිටින ධනුෂ්ක ගුණතිලක සිය නඩුව ජූරි සභාවක් නැතිව පවත්වාගෙන යන ලෙස සිඩ්නි ඩවුන්ට් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊයේ සිය නඩුව කැඳවූ අවස්ථාවේ ධනුෂ්කගේ නීතීඥයන් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදු කරන තෙක් මේ නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය ලබන 24 වැනිදා ලබාදෙන බව අධිකරණය එහිදී දැනුම් දී තිබේ. මේ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් 6 වැනිදා අත්අඩංගුවට ගත් ධනුෂ්ක පසුව දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරුණු අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ ඔහුට එල්ල වී තිබෙන චෝදනා 4න් 3ක් විමර්ශන නිලධාරීන් විසින් ඉවත් කර ගැනීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් බලහත්කාරයෙන් ලිංගක කටයුතු සිදු කිරීම යන චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු විභාගයක් ඉදිරියේදී ආරම්භ වීමට නියමිතය.