සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පී සරා ඕවල් පිටියේ අද (08) පැවති පළමු පන්දුවාර 20 තරගයේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායිකා සොෆී ඩිවයින් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දු වාර 20 අවසනදී කඩුලු 9ක් දැවී ලකුණු 106 ක් රැස් කළේය.
විශ්මි ගුණරත්න ලකුණු 26යි. ඊඩ්න් කර්සන්, ලී කැස්පෙරෙක්, මෙලී කර් කඩුලු 2 බැගින් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ පන්දු වාර 18.5 කදී කඩුලු 5ක් දැවී ලකුණු 107ක් ලබා ගනිමින් කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.
සුසී බෙට්ස් ලකුණු 44ක් ඇමීලියා කර් ලකුණු 34ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියාය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3ක් දවා ගත්තාය.
දෙරට අතර පැවැත්වෙන දෙවන T20 තරගය එළඹෙන 10 වැනිදා පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.