Saturday, May 10, 2025
Home » සුඩානයේ ගුවන් ප්‍රහාරයකින් 22ක් මරුට

සුඩානයේ ගුවන් ප්‍රහාරයකින් 22ක් මරුට

by admin
July 9, 2023 11:04 pm 0 comment

සුඩානයේ හමුදාව සහ පැරාමිලිටරි හමුදාව අතර පවතින සිවිල් යුද ගැටුම මධ්‍යයේ කාර්ටූම් අගනුවර ආසන්නයේ පිහිටි ඔම්ඩුර්මන් නුවරට ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. එරට සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්ශ්වය අතර පවතින යුද ගැටුම් අතර එය දරුණුතම ප්‍රහාරයක් බවය. ගුවන් ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 22 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

සුඩාන රජයේ හමුදාව විසින් එල්ල කරනු ලැබූ බව කියන එම ගුවන් ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් සිය ගණනක් තුවාල ලබා ඇති අතර, එම සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානයට ද යොමු වී ඇතැයි වාර්තා වේ. ප්‍රහාරය සම්බන්ධව සුඩාන රජය හෝ රජයේ හමුදාව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT