593
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සී.ඩී. වික්‍රමරත්න මහතාට පොලිස්පතිවරයා ලෙස තවත් සේවා දිගුවක් ලබාදී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති වික්‍රමරත්න මහතාට අද(09) සිට පොලිස් ප්‍රධානියා ලෙස මාස 03ක සේවා දිගුවක් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
වත්මන් පොලිස්පතිවරයාගේ ධුර කාලය ජුනි මාසයේදී අවසන් වී තිබූ අතර සති දෙකකට ආසන්න කාලයක් එම ධූරය පුරප්පාඩු වී තිබුණි.
මෙය පොලිස්පති වික්‍රමරත්න මහතාට ලබාදුන් දෙවන සේවා දිගුව ද වේ.