510
තලවකැලේ, වටගොඩ සිට මඩකුඹුර වත්ත දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක් අද (09) පස්වරුවේ දුනුකේදෙණිය, කිරිදිකැටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා ඇත.
බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව පුඩළුඔය පොලීසිය කියා සිටියේය.
බස් රථය අනතුරුට පත් වන අවස්ථාවේ එහි පුද්ගලයන් 34දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇතැයි පුඩළුඔය පොලිසිය පවසයි.
තුවාල ලැබු පිරිස කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
වටගොඩ වතුයායේ වැඩ කිරීම සඳහා වැවහේන ප්‍රදේශයේ පිරිසක් රැගෙන ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මෙලෙස බස් රථය අනතුරට ලක්ව ඇත.