රංග චිකිත්සාව සම්බන්ධ පර්යේෂණ අපේ රටට අාගන්තුක දෙයක් වුවද වෙනත් රටවල බහුලව මේ ක්ෂේත්‍රයේ පර්යේෂණ සිදු වේ. රංග චිකිත්සාව ඇතුළු මනෝ විද්‍යාවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට ගත හැකි ප්‍රයෝජන ගැන අමෙරිකාවේ නිව්යෝර්ක් හා ඉන්දියාවේ මහත්මා ගාන්ධි විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ මහතා සමඟ කළ කතා බහ මෙසේ දිග හරිමු.
මානසික සුවතාවට ප්‍රමුඛතාව දිය යුතුයි
රංග චිකිත්සාවෙන් විදෙස් විනිමය උපයන්න පුළුවන්
ලිංගික දැනුම විජ්ජාවක් කිරීමෙන් සමාජ ගැටලු වැඩි වෙලා
මානසික සෞඛ්‍යය පිළිබඳ මෙරට ජනතාවගේ සැලකිල්ල කොහොමද?
සාමාන්‍ය ජනතාව මානසික සෞඛ්‍යයට එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ප්‍රතිපත්ති සම්පාදකයනුත් එසේමයි. ඒක විශාල ගැටලුවක්. ඉකුත් තිස් අවුරුදු යුද්ධයේදී දෙපාර්ශ්වයේම වැසියන් දැඩි පීඩාවකට පත් වුණා. සමස්ත සමාජයම රෝගීන් වුණා. ඒත්, ඊට පිළියම් වශයෙන් ගත් පියවර දකින්න නැහැ. ඒ මානසික කම්පනයත් එහෙමම තියෙනවා. මාලදිවයින වගේ කුඩා දූපතක පවා මානසික සෞඛ්‍ය වෘත්තිකයන් නියාමනය කරනවා. මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වෙනම මානසික සෞඛ්‍ය ඒකකයක් තියෙනවා. ඒත්, මානසික සෞඛ්‍ය වෘත්තිකයන් නියාමනයට අවශ්‍ය නීති, රෙගුලාසි ගෙනෙන්නට ඔවුන්ගේ උනන්දුවක් නැහැ. ඒක තවත් බරපතළ තත්ත්වයක්.
ඒත්, මනෝ විද්‍යාත්මකව ජනතාවට පිළියම් සැපයීමට බොහෝ පිරිසක් සැදී පැහැදී සිටිනවා නේද?
හැබැයි, කවුද ඒ අයව නියාමනය කරන්නේ. ඒ වෘත්තීයට අදාළ නිර්ණායක, ආචාරධර්ම කිසිවක් ඒ අය බොහෝ දෙනකුගෙන් දක්නට නැහැ. ඉතින් මේ අයගේ සේවය ගන්නා මහජනතාව අගතියට පත් වීම අරුමයක් නෙවෙයි. රටක ජනතාවගේ මානසික සුවතාව රජයක න්‍යාය පත්‍රයේ ඉදිරියෙන්ම තිබිය යුතු දෙයක්. මේ රටේ මනෝ වෛද්‍යවරු සහ සායනික මනෝ විද්‍යාඥයන් වෛද්‍ය සභාව අනුමත කළ මානසික සෞඛ්‍ය වෘත්තිකයන් පත්කොට තිබෙනවා. ඔවුන් හරහාත් විශාල වැඩ කොටසක් කෙරෙනවා. ඒත්, ඊට නියාමනයක් නැහැ. එසේම, අධ්‍යාපන අමාත්‍යාංශයට අනියුක්තවත් මනෝ උපදේශකවරුන් රැසක් සිටිනවා. ඒත්, මේ කවුරුත් මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළීමට නීතිමය බලපතක් සහිත අය නෙවෙයි. ඔවුන්ගේ සුදුසුකම් සහ ආචාර ධාර්මික ක්‍රියාකාරීත්වය නියාමනය කිරීමේ යන්ත්‍රණයක් අද අවශ්‍ය කර තියෙනවා. අපට පෙනෙනවා, තමන්ම මනෝ විද්‍යාඥයන් විදියට හඳුන්වා ගන්නා පිරිස් අද මේ රටේ එමටයි. මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයට නිසි නියාමනයක් නැති වීම මෙයට හේතුවයි.
රංග චිකිත්සක වෘත්තිය පිළිබඳත් කතා කරමුද?
රංග චිකිත්සාව මා මෙරටට හඳුන්වා දුන්නේ 2013 වර්ෂයේදී. ඒ මනෝ චිකිත්සාවේම දිගුවක් හැටියටයි. සාම්ප්‍රදායික මනෝ උපදේශනයේ දක්නට ඇති කතා කිරීමේ ක්‍රමය වෙනුවට මෙහිදී ක්‍රියාකාරකම් හරහා පුද්ගලයාට තමන්ගේ ගැටලුව ගවේෂණයට ඉඩ සලසනවා. අද වන විට රංග චිකිත්සාව බටහිර රටවල පිළිගත් වෘත්තියක්. බොහෝ රෝහල්වල රංග චිකිත්සකයන් සිටිනවා. පුද්ගලයා තමා තුළ ඇතිකරගත් ගැටුම නැතිනම් ඒ රංගය නිරාකරණයට සහාය වීමයි, රංග චිකිත්සකයාගේ කාර්යය. ඒක සියුම් කාර්යයක්. ඒ වගේම පුළුල් විෂයයක්. අද වන විට අපේ රටේදී රංග චිකිත්සන පර්යේෂණ මධ්‍යස්ථානයේදී සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මේ විෂය හැදෑරිය හැකියි. විදෙස් රටවලදී මෙය හැදෑරීම වියදම් අධික කටයුත්තක්. අද අපිට සහතිකපත්‍ර පාඨමාලාවක් සහ ඩිප්ලෝමා පාඨමාලාවක් මෙරටදී හැදෑරිය හැකියි.
ඉකුත් කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය සියලු රෝහල්වල මානසික සෞඛ්‍ය අංශවල සේවක සේවිකාවන්ට රංග චිකිත්සන පුහුණුව දීමට කටයුතු කළා. ඒ ඉතා හොඳ උත්සාහයක්. තවම මෙරට මානසික සෞඛ්‍ය පද්ධතිය තුළ රංග චිකිත්සක සේවය විධිමත්ව ක්‍රියාත්මක නොවන නිසා මෙවැනි පුහුණුවීම් සාධනීය ප්‍රතිඵල අත්කර දී තියෙනවා. රංග චිකිත්සාවේ සහාය විවිධ ගැටලු ඇති අයට වැදගත්. සාමාන්‍ය ක්ලමත තත්ත්වයේ සිටින, පෞරුෂ ගැටලු ඇත්තන්ට, විවිධ භීතිකාවන් ඇති අයට, වර්ධන ගැටලු ඇත්තන්ට, විවාහ සහ ලිංගික සම්බන්ධතා ගැන ගැටලු ඇති අයට, කේන්තිය හා ප්‍රචණ්ඩත්වය පාලනය කර ගැනීම අපහසු තැනැත්තන්ට වගේම, මානසික සතුට අපේක්ෂා කරන පිළිකා රෝගීන්ට ද මෙයින් විශාල සහායක් ලැබෙනවා.
විශේෂයෙන් රංග චිකිත්සාව සොබාදහම සමඟ වඩාත් සමීපව යෙදවීමෙන් සුවදායක ප්‍රතිඵල ළඟා කර දෙනවා. සායනිකව ගොඩනැඟිලි තුළ ප්‍රතිකාර කිරීමට වඩා සුවදායී පරිසරයකදී ප්‍රතිකාර කිරීම සාර්ථක බව පරයේෂණාත්මකව ඔප්පු වී තියෙනවා. එසේම මේ ක්ෂේත්‍රය හරහා විදෙස් සංචාරකයන්ට මෙරටදී ප්‍රතිකාර කිරීමෙන් වැඩි ආදායමකුත් උපදවා ගත හැකියි. මෙරට යුදමය වාතාවරණයක් පැවැති සමයේදී එක් විදේශිකයකුගේ පුද්ගලික ධනයෙන් මනරම් උයනක් පවත්වාගෙන ගියා. ඒක නම් කළේ Butterfly Garden කියලායි. ජනතාව මානසික පීඩනය සංසිඳවා ගැනීමට ඒ කරා පැමිණියා. එවැනි තැන් අද අපේ රටට වඩාත් අවශ්‍යයි. තවම මෙරට විශ්වවිද්‍යාලවලට මේ ක්ෂේත්‍රය හඳුන්වා දී නැහැ. අනෙක, එය විවිධ විෂයයන් සමඟ බැඳී තියෙන්නේ. දර්ශනවාදය, සංගීතය, නැටුම, රංගනය, භාෂාව, මනෝ විද්‍යාව, ආගම ආදී විෂයයන් ගණනාවක් රංග චිකිත්සාව හා සම්බන්ධයි.
මේ නිසා විශ්වවිද්‍යාලවලින් පිටවන ශිෂ්‍යයන්ට අලුත් වෘත්තියක් ගැන සිතන්නට ඉඩ ලැබෙනවා. රංග කලාව හැදෑරූ අයකුට මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා කළ හැකි වෙනවා. අද පුද්ගලික ආයතනවල සේවය කරන බොහෝ දෙනා තමන්ගේ වෘත්තිය වඩාත් පෝෂණය කර ගැනීමට රංග චිකිත්සාව තෝරාගෙන තියෙනවා. මානව සම්පත් කළමනාකරණයේදී රංග චිකිත්සාව අධ්‍යයනයෙන් ලබන පුහුණුව වැදගත්. මේ නිසා මෙරට එක් විශ්වවිද්‍යාලයක හෝ රංග චිකිත්සන පාඨමාලාවක් ආරම්භ කිරීම වැදගත්. ඒ හරහා ආසියාතික රටවල සිසු සිසුවියන්වත් මෙරටට කැඳවා ගන්න පුළුවන්. මෙරට ආචාර්ය උපාධි සහිත රංග චිකිත්සකයින් දෙදෙනෙක් සිටිනවා. නැටුම් හා චලන චිකිත්සකයෙක් නැහැ. එක් චිත්‍ර චිකිත්සකයෙක් සහ සංගීත චිකිත්සකයෙක් සිටිනවා. ඒ වෘත්තිකයන් බිහිකර ගැනීම මෙරට විශ්වවිද්‍යාලවල වගකීමක්.
අපි නැවත අපේ සමාජයට හැරෙමු?
අපේ සමාජය හිරිවැටිලා. අනෙකා ගැන සහකම්පනයක් අපට ඇති වෙන්නේ ඒ තැනැත්තන් ගැන අවබෝධයක් ඇති නම් පමණයි. ඒත්, අනෙකා විනාශ කරන්නයි හුඟ දෙනකු කල්පනා කරන්නේ. එසේම, පුද්ගලික ජයග්‍රහණමයි වැඩි දෙනකු අපේක්ෂා කරන්නේ. ඒ නිසා නිතර අනෙකා නොතකා කටයුතු කරන ජන කොටසක් බවට අපි පත්වෙලා. මේ අධ්‍යාපන ක්‍රමය ළමුන්ව බඩු, භාණ්ඩ බවට පත්කරලා. කටපාඩම් කරන, විභාග සන්නියෙන් පෙළෙන ළමුන් පිරිසක් අපේ රටට ඉතිරි වෙලා තියෙන්නේ. යන්ත්‍ර සූත්‍ර තමයි පාසල්වලින් හදලා, සමාජයට යවන්නේ. ඉතින් ඒ අය සතුන් වගේ හැසිරෙනවා නම් ඒක පුදුමයක් නෙවෙයිනේ. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ නීති නෙවෙයි, මනුස්සයාට ගරු කරන අධ්‍යාපනයක් සහ වටපිටාවක්. ඒත් අද දරුවනුත් මාපියනුත් එකම රේස් එකක දුවනවා. පාසලේ උගන්වන ගුරුවරයාම උපකාරක පන්ති පවත්වනවා. ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න මිනිසුන් අවමානුෂිකකරණය වෙලා. (dehumanized) මුළු රටම එහෙමයි.
මේ දිනවල කතා බහට තුඩුදී ඇති සහකම්පනය ගැන ඔබ කළ සමාජ මනෝ විද්‍යා පර්යේෂණයේ පසුබිම පැහැදිලි කළ හැකිද?
මිනිසා තුළ දර්පණ නියුරෝන එසේත් නැතිනම් කැටපත් නියුරෝන (Mirror Neurons) සක්‍රීය වන විට අනෙකා ගැන සංවේදී වීම වන බවත් ඒ නිසාම සහකම්පනය ඇති වන බවත් කිව්වා. මුලින්ම වඳුරන් යොදාගෙන වර්ෂ 1990 අග භාගයේ ඉතාලියේදී ස්නායු විද්‍යාඥයන් කණ්ඩායමක් කළ පර්යේෂණයකදී මේ බව හෙළි වුණා. පසුව මිනිසුන් යොදාගෙන කළ පර්යේෂණයේදී මිනිසා තුළත් කැඩපත් නියුරෝන ඇති බව ඒ කණ්ඩායම හඳුනා ගත්තා.
ඒත්, ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වය ගැන දැන් වැඩිපුර කතා වෙනවා?
ඒක එහෙම වෙන්න පිටස්තර බලපෑම් හේතු වෙනවා. අසංවේදීකම, ප්‍රචණ්ඩකාරීත්වය, අඬදබර බහුලකම ආදී ලක්ෂණ සමාජයේ සෑම ස්තරයකින්ම පාහේ දක්නට ලැබෙනවා. කැටපත් නියුරෝන සක්‍රිය නොවන තැන්වල අපට දක්නට ලැබෙන්නේ කොන් කිරීම්, නොසලකා හැරීම්, ප්‍රතික්ෂේප වීම් යන දේවල්. කුඩා කාලයේ සිටම සමහරුන්ට මේ පීඩාවලට මුහුණ දීමට වෙනවා. එහි බලපෑමෙන් අනෙකා කෙරෙහි ඇති උනන්දුව අඩු වෙනවා. අනෙකාට හිංසා කිරීමේ වුවමනාව ඇති වෙනවා. මේ වේදනා හිතේ ඇති තාක් කල් අනෙක් තැනැත්තාගේ දුක, වේදනාව පිළිබඳ හැඟීමක් ඇති වෙන්නේ නෑ.
ළමා අපචාර හා දරුවන්ට එරෙහි අතවර වාර්තා වීම වර්තමානයේ ඉහළ ගොස් තිබෙනවා. මේවා වැළැක්වීමට ගතයුතු පියවර මොනවාද?
මෙරට සිසු සිසුවියන්ට ලිංගික අධ්‍යාපනය දීමේ අරමුණෙන් සැකසුණු පොතට වූ ඉරණම ඊට එක් නිදසුනක්. එක් වචනයක්, පෙළක් ආදී ඉතා කුඩා දෙයක් අල්ලාගත් සදාචාරවාදීන් කියා ගන්නා තැනැත්තන්ගෙන් ඊට විරෝධතා නැඟුණා. ඒත් දිනපතා මෙරට තුළ මෙරට දරුවන් ලිංගිකව සහ වෙනත් ආකාරවලින් අපයෝජනයට ලක්වන විට ඔවුන් ඊට කිසිවක් කියන්නේ නැහැ. දරුවන් බලගැන්වීමෙන් තමන්ට වන පාඩුව ගැනයි ඒ අය හිතන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන අංශයට මේ අභියෝගයට විද්‍යාත්මකව මුහුණ දීමට හැකියාව තිබුණත් ඒ අය ඒ අවස්ථාව මඟහැරියා. තමන්ගේ ශරීරයට අයිතිය කියන්නට දරුවකුට ඉඩක් නැතිනම් අපි මේ දෙන අධ්‍යාපනයේ ඵලය මොකක්ද? ඇතැම් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පවා දරුවන්ට ශාරීරික ප්‍රහාර එල්ල කිරීම් පමණක් නෙවෙයි, ඔවුන්ව ලිංගිකවත් සූරාකන බවටත් ජනමාධ්‍යවල පළ වන වාර්තා හෙළිකරනවා. ඉතින් දරුවන්ට අයිතියක් තියෙන්න ඕනෑ, තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් කතා කරන්න.
දැනටත් දිනපතාම පාහේ ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන ආදිය පිළිබඳ ජනමාධ්‍ය හරහා වාර්තා වෙනවා. ඒත්, ඊට විධිමත් පියවර ගැනෙන්නේ නැහැ. දහතුන් අවුරුද්දක පාසල් අධ්‍යාපනයේදීත් ඉන් අනතුරුව මහා සමාජයේදීත් ලිංගික අධ්‍යාපනය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් මෙරටදී නොලැබීම කනගාටුදායකයි.
ඒ අනුව අපි යා යුත්තේ කොතැනටද?
ලෝකයේ අනෙක් රටවල් අධ්‍යයනයෙන් අපේ අධ්‍යාපනයවත් ජීවිතයවත් හදන්න බැහැ. ඒකට අපේ පොළොව ගැන ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍යයි. ගුරුවරුන් හා දරුවන් හවුලේ ඉගෙනීමක් කරන්නත් වෙනවා. විචාරශීලි, ප්‍රශ්න කරන සමාජයක් අපට වුවමනා කරනවා. නිදා ගන්න ජනතාවකට ජීවිතය අලුතෙන් ගොඩනැඟීම ගැන හීනෙන්වත් හිතන්න බැහැ.
නුවන් මහේෂ් ජයවික්‍රම
ඡායාරූප – ගයාන් පුෂ්පික