සරණාගතයන් පිළිබඳ නිශ්චිත එකඟතාවකට පැමිණීමට අසමත්වීම හේතුවෙන් නෙදර්ලන්ත රජය බිඳ වැටුණු බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය දෙවසර ඇතුළත එරට සරණාගතභාවය අපේක්ෂාවෙන් පුද්ගලයන් විශාල පිරිසක් අයැදුම්පත් ඉදිරිපත් කර ඇති අතර, මේ සම්බන්ධව ප්රතිපත්තිමය තීරණයකට පැමිණීමට අගමැති මාක් රූට් සහ සභාග රජයේ සෙසු පක්ෂ අතර මත ගැටුම් රැසක් උද්ගත වී තිබේ. සභාග රජයේ පක්ෂ 4ම විවිධ අදහස් මත ස්ථාවරත්වය පවත්වා ගැනීම හේතුවෙන් නෙදර්ලන්තයේ රජු විලෙම් ඇලෙක්සැන්ඩර් මුණගැසුණු අගමැතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ලබන නොවැම්බර් මස මැද භාගයේදී මැතිවරණය පවත්වන තුරු නෙදර්ලන්තයේ පාලනය ඇලෙක්සැන්ඩර් රජු යටතේ භාරකාර රජයක් මඟින් සිදු කෙරෙන බවත් වාර්තා වේ. නෙදර්ලන්තයේ සරණාගතභාවය අපේක්ෂාවෙන් පසුගිය වසරේ අග භාගයේදී පමණක් පුද්ගලයන් 47,000ක් අයැදුම්පත් යොමු කර ඇති අතර, මේ වසරේ මුල් භාගයේදී එය 70,000 දක්වා ඉහළ යනු ඇතැයි අනාවැකි පළ වී තිබිණි.