වසර 2019 සිට 2022 අතර කාලය ඇතුළත කොවිඩ් වසංගතය සහ ගෝලීය දේශපාලන අස්ථාවරභාවය යන අභියෝග ද්විත්වය ජයගත් වඩාත්ම සාර්ථක රට සහ නගර ලැයිස්තුවේ පළමු ස්ථානය අමෙරිකාවේ මයාමි නගරයට සහ දෙවැනි ස්ථානය සිංගප්පූරුවට හිමි වී තිබේ.
බ්‍රිතාන්‍යයට අයත් ආර්ථික විශ්ලේෂණ සමාගමක් විසින් ලැයිස්තුගත කරනු ලැබූ රටවල් සහ නගර 10ක ලැයිස්තුවට ජනගහනය, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ නිවාස මිල ගණන් නිර්ණායක ඇතුළත්ව සිදු කර ඇති එම සමීක්ෂණයට අනුව පසුගිය වසර තුනේදී නගර අතුරින් පළමු තැන මයාමි නගරයට ලැබුණ ද, රටවල් අතුරින් සිංගප්පූරුව පෙරමුණට පත්වීම සැලකිය යුතු වෙනසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ලැයිස්තුවට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි නගරය තුන්වැනි ස්ථානයට පත්ව ඇති අතර, සෙසු නගර සහ රටවල් පිළිවෙළින් අමෙරිකාවේ නිව්යෝක්, එංගලන්තයේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්, ප්‍රංශයේ පැරිස් නුවර සහ අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ලැයිස්තුගත කර ඇතැයි වාර්තාවේ. එම වාර්තාවට අනුව පෙරමුණේ පසුවන මයාමි නගරයේ අවුරුදු 3ක කාලසීමාවේදී දළ දේශීය නිෂ්පාදනය 10.6% කින් ඉහළ ගොස් ඇති අතර, නිවාස මිල ගණන් 39.5% කින් ඉහළ ගොස් තිබේ.