Home » ඔඩීෂා දුම්රිය අනතුරට තිදෙනෙක් අත්අඩංගුවට

ඔඩීෂා දුම්රිය අනතුරට තිදෙනෙක් අත්අඩංගුවට

by admin
July 10, 2023 1:00 am 0 comment

පුද්ගලයන් 300කට ආසන්න පිරිසකට මරු කැඳවමින් පසුගිය මාසයේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදු වූ මාරක දුම්රිය අනතුර සම්බන්ධව එරට දුම්රිය දෙපාර්තමේන්තුවේ තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය ඉතිහාසයේ වඩාත්ම දරුණු දුම්රිය අනතුර ලෙස සැලකෙන ඔඩීෂා දුම්රිය අනතුර සම්බන්ධව පසුගියදා පුළුල් විමර්ශනයක් පවත්වා ඇති අතර, අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය. ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (සීබීඅයි) නිවේදනයකට අනුව අත්අඩංගුවට ගත් තිදෙනා අතර දුම්රිය ඉංජිනේරුවරු දෙදෙනකු සහ තාක්ෂණ නිලධාරියකු සිටින බව වාර්තා වේ. මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එම අනතුරට ලක් වූ අතර, දුම්රිය මාර්ග සංඥා දෝෂ හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි මූලික පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ. අනතුරෙන් පසු තවත් මළ සිරුරු 52ක් හඳුනාගත නොහැකිව රෝහල් මෘතශරීරාගාරවල තැන්පත් කර ඇතැයි ද පසුගියදා වාර්තා විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT