බටහිර ජර්මනියේ ගීස්න් නගරයේ උත්සවයක් අතරතුර සිදු වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පොලිස් නිලධාරින් 22 දෙනකු තුවාල ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. එරීට්‍රියන් පොලිස් නිලධාරීන් තුවාල ලබා ඇත්තේ සංස්කෘතික උත්සවය ලෙස හඳුන්වනු ලැබූ එම උත්සවයට සහභාගි වී සිටි ජනතාව සහ පොලිසිය අතර ගැටුමකින් බව වැඩිදුරටත් වාර්තා වේ.
ජර්මානු පොලිස් කාර්යාලයේ නිවේදනයකට අනුව එය දරුණු ප්‍රහාරයක් වන අතර, විරෝධතාකරුවන් පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගැනීමෙන් පසු ගල් සහ බෝතල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. පොලිස් මාර්ග බාධක බිඳ දැමීමට ද විරෝධතාකරුවන් කටයුතු කර ඇතැයි ද, තත්ත්වය පාලනය කිරීමට ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කිරීමට හා බැටන් ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට පොලිසියට සිදු වී තිබූ බවත් සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ගැටුම හේතුවෙන් මෝටර් රථ කිහිපයකට ද අලාභහානි සිදුවී තිබේ. පළාතේ ආරක්ෂාවට දහසකට වැඩි පොලිස් භටයන් පිරිසක් යොදවා ඇතැයි ද, විරෝධතාකරුවන් 60 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.