වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පසුගියදා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. මේ අවස්ථාවට වාරිමාර්ග දෙපාර්තමේන්තු ලේකම් එම්.ඩී.එල්. ජයලාල් මහතා ඇතුළු අමුත්තෝ රැසක් සහභාගි වූහ. ගුණසේකර මහතා 1995දී ඉංජිනේරුවකු ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි සේවයට එක් විය. අනතුරුව ජල විද්‍යා අංශයේ සහ භූ විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙසත් ගල්ගමුව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ අධ්යක්ෂ ලෙසත් මින්නේරිය, පුත්තලම වාරිමාර්ග කාර්යාලයන්හි ප්‍රධානියා ලෙසත් සේවය කළ ඒ මහතා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත. හෙතෙම මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධිධාරියෙකි. ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 40 වැනි අධ්යක්ෂ ජනරාල්වරයායි.
324
කලින් පුවත
බසය පෙරැළී කතුන් 26කට තුවාල
මීලඟ පුවත