Saturday, May 10, 2025
Home » පුරාවස්තු විනාශය වළක්වාලීමට ජනතා සහාය අත්‍යවශ්‍යයි -ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ, මහාචාර්ය ගාමිණී රණසිංහ

පුරාවස්තු විනාශය වළක්වාලීමට ජනතා සහාය අත්‍යවශ්‍යයි -ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ, මහාචාර්ය ගාමිණී රණසිංහ

by admin
July 10, 2023 1:00 am 0 comment

රට පුරා දිනපතා ක්‍රියාත්මක වන මහා පරිමාණ පුරාවස්තු විනාශය වළක්වා ගැනීමට සමස්ත ජනතාවගේ සහාය කඩිනමින් අවශ්‍ය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යාඥ, මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවැසීය

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (07) 133 වන පුරාවිද්‍යා දිනයට සමගාමීව දඹුල්ල, ඉබ්බන්කටුව ප්‍රදේශයේ පැරැණි සුසාන භූමියේ හතර වන කොටසේ පුරාවිද්‍යා කැණීම් සහ පර්යේෂණ මධ්‍යස්ථානය ආරම්භ කරමිනි.

මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව විශ්වවිද්‍යාල පහක් සම්බන්ධීකරණයෙන් දඹුල්ල ඉබ්බන්කටුව ඉපැරැණි සුසාන භූමි ගවේෂණය කිරීම මෙහිදී ආරම්භ කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ වන විට විශාල වශයෙන් පුරාවස්තු විනාශයට ලක් වෙමින් තිබෙනවා. මෙය ආරක්ෂා කර ගැනීම සමස්ත ජනතාවගේම වගකීමක්. මෙවැනි ස්ථාන ආරක්ෂා කර ගැනීමට මාධ්‍ය ආයතනවල සහයෝගය ද ලැබිය යුතුයි.

මෙරට ආර්ථිකයට සංචාරක කර්මාන්තයෙන් පසුව විශාලම විදේශ විනිමය ලැබෙන්නේ අතීත මුතුන් මිත්තන් සිදු කළ ඉදිකිරීම් නිසයි. ඒවා මතු පරපුරට ආරක්ෂා කිරීම යුගයේ වගකීමක්.

මධ්‍යම සංස්කෘතික අරමුදල කොළඹින් පිට ස්මාරක 24ක් ජනතාවට විවෘත කර තිබෙනවා. එම ස්ථානවල දේශීය සංචාරකයන්ට වෙන් කර ඇති වැසිකිළි පද්ධතියට පමණක් රුපියල් ලක්ෂ 15ක් වසරකට වියදම් කරනවා. ඒත් විදේශීය සංචාරකයන්ට එවැනි මුදලක් වියදම් කරන්නේ නෑ. විදේශිකයන් පුරාවස්තුවලට හානි සිදු කිරීම අවමයි. ඒත් අපේ රටේ ජනතාව විශාල වශයෙන් පුරාවස්තුවලට හානි සිදු කරනවා.

ඉබ්බන්කටුව සුසාන භූමිය ඉතා විධිමත් පැරණි සුසාන භූමියක් හැටියට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව හතර වෙනි කැණීම් මධ්‍යස්ථානය ලෙස මේ මධ්‍යස්ථානයේ පුරාවිද්‍යා කැණීම් පිළිබඳ අධ්‍යයන ආයතනයක් ලෙස නම් කරනවා.”

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT