ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 15වැනි ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පුහුණු කිරීමේ නායක කර්නල් ඩබ්ලිව්. ඩී. වී. පද්මලාල් පෙරේරා මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේදී වැඩ භාර ගත්තේය. හිටපු පුහුණු කිරීමේ අධ්‍යක්ෂවරයා ද වූ ඒ මහතා අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම පුහුණු කිරීම් කටයුතු සඳහා සම්බන්ධවී අත්දැකීම් ලබා ගෙන තිබේ.
පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා එහි නියෝජ්‍ය විදුහල්පති සහ වැඩ බලන විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කළේය.
මේ අවස්ථාවට ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එස්. එෆ්. මුහිඩ්, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි මහත්වරුන්, සහාය ප්‍රධාන කොමසාරිස්වරුන් සහ මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවී සිටියහ.
නුවන් කොඩිකාර